colombotimes.lk
සිංහල | English

03 May 2024

ජනපති හදිසියේම හෝටන් තැන්නට (PHOTOS)



හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ අද (15) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්. 
 
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ අඩවි කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර අනතුරුව ඔහිය මාර්ගය ඔස්සේ වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. 
 
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව වනජීවී දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්‍රදේශ ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිතියම් මූලාශ්‍රයෙන් නිරීක්ෂණය කළ අතර හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ එහි පේරක කලාපයට අයත් සියලු ඉඩම් එක් සිතියමකට සිතියම්ගත කර කඩිනමින් තමා වෙත ලැබීමට සලස්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
(colombotimes.lk)
No description available.
No description available.
No description available.
No description available.