colombotimes.lk
සිංහල | English

17 September 2024


ඉන්දියාවේ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් ජීවිත 14ක් අහිමි වෙයි



ඉන්දියාවේ මුම්බායි අගනුවර දරුණු කුණාටුවක් අතරතුර දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.  

මෙම අනතුරින් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

නගරයේ නැගෙනහිර පෙට්‍රල් පිරවුම්හලක තිබෙන පුවරුවක් මෙලෙස කඩා වැටී තිබෙනවා.

ජාතික ආපදා බලකායේ පරීක්ෂක පැවසුවේ සුන්බුන් අතරින් සිරුරු 08ක් දැනටමත් ඉවත් කර ඇති බවයි.

තවත් සිරුරු 04ක් සුන්බුන් අතර සිරවී තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.  
(colombotimes.lk)