colombotimes.lk
සිංහල | English

17 September 2024


ඉන්දීය ධීවරයන් 35ක් නාවික හමුදා භාරයට



මෙරට මුහුදු සීමාව තුළ අනවසරෙන් ධීවර කටයුතුවල නිරතව සිටී ඉන්දීය ධීවරයන් 35 දෙනෙක් වයඹ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.   

නාවික හමුදාව ප්‍රකාශ කළේ එහිදී අනවසරෙන් ධීවර කටයුතුවල සිදු කළ යාත්‍රා 04ක් ද ඔවුන්ගේ භාරයට ලබාගත් බවයි.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් කල්පිටිය නාවික නෞකා විජය ආයතනය වෙත රැගෙන ගොස් තිබෙන අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් කල්පිටිය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)