colombotimes.lk
සිංහල | English

17 September 2024


වසරකට සුනඛ සපා කෑම් ලක්ෂ 3ක්



වසරකට සුනඛ සපා කෑම් ලක්ෂ 3ක් වන බව වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ පවසනවා.

සුනඛ සපා කෑම්වලට ලක්වන පුද්ගලයන්ගෙන් ලක්ෂයකට පමණ එන්නත් ලබාදීමට සිදු වන බවත් 2022 වර්ෂයේදී සුනඛ සපා කෑම්වලට ලබාදුන් එන්නත්වලට පමණක් රුපියල් මිලියන 225ක් වැය වී ඇති බවත් ඔහු කියා සිටියා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සපා කෑමට ලක්වීමේදී සුනඛයාට එන්නත් විද තිබුණද සපා කෑමට ලක් වූ පුද්ගලයා එන්නත් විද ගැනීම සඳහා යොමුවීම ඉතා වැදගත් බවයි.

(colombotimes.lk)