colombotimes.lk
සිංහල | English

17 September 2024


දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීමක්



දිස්ත්‍රික්ක තුනක් සඳහා කහ පැවති වර්ණයෙන් යුතු (විමසිලිමත් වන්න ) නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. 
 
මෙලෙස කහ වර්ණයෙන් යුතු පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත්තේ කොළඹ, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහායි. 
 
එම පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය 2023.09.15 දින ප.ව. 4:00 දක්වා වලංගු බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ. 
 
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රදේශයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ ප්‍රදේශයටත් අදාළව එම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා. 
 
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර සහ ඇහැළියගොඩ ප්‍රදේශ සඳහා ද නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)