colombotimes.lk
සිංහල | English

17 September 2024


ආගමට අනුව ජීවත් වෙන්නේ අපි විතරයි - අනුර



ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තියේ බුද්ධාගම සඳහා ලබා දී ඇති ප්‍රමුඛතා අහෝසි නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ජා. ජ. බලවේගය සහ බුද්ධාගම අතර ගැටුම් නිර්මාණය කරන්නේ ආගමට අනුව ජීවත් නොවන පුද්ගලයන් බව ලන්ඩන් හි පැවති ජන හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කළා.

ආගමට අනුව ජීවත් වන්නේ තම කණ්ඩායම පමණක් බවත්, 9 වන වගන්තියට අත තැබීමේ වුවමනාවක් දෙමළ දේශපාලන නයකයන්ටවත් නොමැති බව ඔහු කියා සිටියා.

(colombotimes.lk)