colombotimes.lk
සිංහල | English

17 September 2024


දැදුරුඔය සඟවාගත් මව සහ පුතුන්



දැදුරුඔයේ දිය නෑමට ගිය මව සහ පුතුන් දෙදෙනෙක් සැඩපහරට ගසාගෙන ගොස් තිබෙනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ බෝගමුව ප්‍රදේශයේ වයස අවුරුදු 36ක මවක් සහ වයස අවුරුදු 09ක හා 05ක පිරිමි දරුවන් දෙදෙනෙක්.

දියේ ගිලී මියගොස් සිටී වයස අවුරුදු 09ක පිරිමි දරුවා සොයා ගැනීමට පොලීසියට සහ ප්‍රදේශවාසීන්ට හැකියාව ලැබී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අතුරුදන් වූ මව සහ අනෙක් දරුවා සොයා විමර්ශන කටයුතු සිදු කරන බවයි.

(colombotimes.lk)