colombotimes.lk
සිංහල | English

18 October 2024


කථානායකට එරෙහි විශ්වාසභංගය හෙට මැතිසබයට



කථානායකවරයාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව හෙට (05) පාර්ලිමේන්තුවට භාර දෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළා.

මෙම විශ්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් ගෙන එනු ලබනවා.

ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව සඳහා දෙමළ ජාතික සන්ධානය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය ලබා දෙන බවට ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)