colombotimes.lk
සිංහල | English

17 September 2024


ගුරු පුරප්පාඩු ගණන අධ්‍යාපන අමාත්‍යවරයා හෙළි කරයි



පසුගිය වසර දෙකක කාලය තුළ පාසල් සඳහා ගුරු පත්වීම් 25,800ක් ලබාදී තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

තවත් සංවර්ධන නිලධාරීන් 6,000ක් බඳවා ගැනීමට නියමිත බවත් ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිර්නායක ලබාදිය යුතු බවත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් දැනට පාසල්හි පවතින්නේ ගුරු පුරප්පාඩු 23,000ක් නොව ගුරු පුරප්පාඩු 4,000ක් බවත් ඔහු සඳහන් කළා.

අද (03) පාර්ලිමේන්තුවේදී සමගි ජන බල පක්ෂ මන්ත්‍රීනී රෝහිනී කවිරත්න විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)