colombotimes.lk
සිංහල | English

17 September 2024


සැප්තැම්බර් 21 වනදා කැෆේ සංවිධානයෙන් නිරීක්ෂකයන් 3,500ක්



2024 ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 වනදා මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයන් 3,500කට ආසන්න පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ Manas Makeen පවසනවා.

ඔහු කියා සිටියේ මේ වන විට කැෆේ සංවිධානය මඟින් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම දිස්ත්‍රික්ක 25ටම සම්බන්ධීකාරකවරුන් යොදවා තිබෙන බවත් දිගුකාලීන නිරීක්ෂකවරුන් 160 දෙනෙක් මැතිවරණ නිරීක්ෂකයන් ලෙස කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 
(colombotimes.lk)