colombotimes.lk
සිංහල | English

17 September 2024


අයහපත් කාලගුණයෙන් තවත් පිරිසකට දිවි අහිමි වෙයි



එක්සත් ජනපදයේ මධ්‍යම ප්‍රදේශය හරහා හමා ගිය ටොනේඩෝ සහ කුණාටු හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම බොහෝ නිවාස විනාශ වී ඇති අතර ලක්ෂ ගණනකට විදුලි සැපයුම ද ඇන හිට ඇති බව සඳහන්.

උතුරු ටෙක්සාස් ප්‍රදේශයේ පුද්ගලයන් 7 දෙනෙකු, ආර්කන්සාස් ප්‍රාන්තයේ 8 දෙනෙකු, ඔක්ලහෝමා ප්‍රාන්තයේ දෙදෙනෙකු සහ කෙන්ටකි ප්‍රදේශයේ එක් අයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ප්‍රාන්ත කිහිපයක් පුරා 500,000කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

(colombotimes.lk)