colombotimes.lk
සිංහල | English

17 September 2024


මහජන බැංකු ගිණුම් හිමියන්ගේ තොරතුරු රැස් කරන ආයතනයක් ගැන හෙළිදරව්වක්



මහජන බැංකු ගිණුම් හිමියන් ඉලක්ක කර, සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ව්‍යාජ දැන්වීම් මඟින් ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලික ගිණුම් තොරතුරු රැස් කිරීමේ සංවිධානාත්මක ප්‍රයත්නයක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

මෙහිදී ගනුදෙනුකරුවන්ගේ හදිසි මුදල් අවශ්‍යතා සඳහා 'Central Loan' නම් ආයතනයක් සමඟ සම්බන්ධව මහජන බැංකුව විසින් සහනදායී පොලී මත ණය ලබාදෙන බව පවසමින් ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලික බැංකු තොරතුරු සහ වෙනත් සංවේදී තොරතුරු විවිධ දුරකථන සහ Whatsapp අංකවලට ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි බැංකුව සඳහන් කරන්නේ.

එම ආයතනය සමඟ මහජන බැංකුව කිසිඳු සම්බන්ධයක් නොමැති බවත්, එවැනි කිසිඳු තෙවන පාර්ශවයක් හරහා ණය මුදල් ලබා දීමට කටයුතු නොකරන බවත් මහජන බැංකුව කියා සිටියා.

ඒ පිළිබඳව සඳහන් කරමින් මහජන බැංකුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,