colombotimes.lk
සිංහල | English

17 September 2024


වාහන ආනයනයට අවසර ලැබෙන දිනය ජනපති හෙළි කරයි



එළඹෙන 2025 වසරේ සිට වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රේගු ආදායම ඉහළ නැංවීම සඳහා මෙලෙස වාහන ආනයනයට අවසර ලබා දෙන බවයි.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)