colombotimes.lk
සිංහල | English

17 September 2024


එක් ඡන්ද දායකයෙක්ට රුපියල් 109යි - ජනාධිපතිවරණයේදී වියදම් කළ හැකි මුදල මෙන්න



එළඹෙන ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයෙකුට ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් එකසිය අසූ හය කෝටි අසූ දෙලක්ෂ අනූ අටදහස් පන්සීය අසූ හයක මුදලක් ( 1,868,298,586.00) වියදම් කළ හැකි බව සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අපේක්ෂකයෙක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව එම ගැසට් නිවේදනයේ සඳහන්.

වියදම් කළ හැකි රුපියල් කෝටි එකසිය අසූ හයක මුදලින් 60%ක ප්‍රතිශතයක් සෘජුවම ජනාධිපති අපේක්ෂකයාට වියදම් කළ හැකි වනවා.

සෙසු 40%ක ප්‍රතිශතය ජනාධිපති අපේක්ෂකයාගේ දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට වියදම් කළ හැකි බව අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්.

(colombotimes.lk)