colombotimes.lk
සිංහල | English

17 September 2024


හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා නිදොස් කොට නිදහස් කරයි



හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා හට කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබා දුන් මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කර තිබෙනවා.  

2012 වසරේ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු වරදකරුවෙකු බවට පත් වුණා.

එම දඬුවමට එරෙහිව විත්තිකාර එමිල් රංජන් ළමාහේවා ඉදිරිපත් කළ ඇපෑලක් පිළිගැනීමෙන් අනතුරුව පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)