colombotimes.lk
සිංහල | English

03 May 2024

තමන් සමඟ එක්වන ලෙස ජනපතිගෙන් ආරාධනාවක්



කුමන පක්ෂයක් නියෝජනය කළද රටේ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තමන් සමඟ එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත නැවත ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සහ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම අද රට හමුවේ ඇති ප්‍රධාන අරමුණු බවයි ඔහු පැවසුවේ.

රටේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දීමට නම් රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතු බවද ඔහු සිහිපත් කළා.

බදුල්ල, ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළකලා.
(colombotimes.lk)