colombotimes.lk
සිංහල | English

18 October 2024


ජනතාවට සහන දීමේ විප්ලවය අරඹනවා - ජනපති රනිල්



අර්බුදය අවස්ථාවේ රට භාර නොගත් කිසිවෙකුට දොස් කියන්නේ නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔවුන් රට භාර නොගත්තේ නොහැකියාව නිසා බව දැන් ඔප්පු වී ඇතැයි ඊයේ (10) කුලියාපිටියේ පැවති මහජන රැළිය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම ජනතාවට සහන දීමේ විප්ලවය ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ස.ජ.බ.යට ගිය සියලු පාක්ෂිකයින්ට නැවත මහ ගෙදරට එන්නැයි විවෘත ආරාධනාවක් කරන බව ද සඳහන් කළා.

(colombotimes.lk)