colombotimes.lk
සිංහල | English

03 May 2024

අපරාධකරුවන් සමඟ සම්බන්ධකම් පවත්වන ආගමික නායකයන් ගැන හෙළිදරව්වක්



සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සබඳතා පවත්වන ඇතැම් ආගමික නායකයන් අපරාධකරුවන්ට එරෙහිව පොලිසිය ගෙන යන ක්‍රියාමාර්ග විවේචනය කරමින් ක්‍රියා කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

හෝමාගම ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ, දේශපාලනඥයින් ද පොලිසියේ අධෛර්යමත් කිරීමට මෙවැනි ක්‍රියාවල නිරත වන බවයි.

විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා සියලු බාධකවලට එරෙහිව මෙම මෙහෙයුම් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.
(colombotimes.lk)