colombotimes.lk
සිංහල | English

17 September 2024


ඉරාන ජනපති මියයෑමේ සිද්ධියේ විමර්ශන වාර්තාව එළියට



ඉරාන ජනාධිපති රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරට පත්වීම සම්බන්ධයෙන් එරට සන්නද්ධ හමුදාව විසින් විශේෂ විමර්ශනයක් පැවැත්වුවා.

ඒ අනුව එම විමර්ශනයට අදාළ විමර්ශන වාර්තාව එළිදක්වා තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයා, විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස ගමන් ගත් හෙලිකොප්ටරය තවත් හෙලිකොප්ටර් දෙකක් ද සමඟ අසර්බයිජානයේ සිට ඉරානයට පියාසර කළා.

විමර්ශන වාර්තාව හරහා ඉරාන සන්නද්ධ හමුදාව පෙන්වා දී ඇත්තේ, ජනාධිපති රයිසි ඇතුළු පිරිස ගමන් කළ ‘බෙල්’ වර්ගයේ හෙලිකොප්ටර් යානය ගිනිගෙන කඳුකර ප්‍රදේශයට කඩා වැටුණු බවයි.

එම අවස්ථාවේ, ඝන මීදුම් තත්වයක් ද පැවති අතර හෙලිකොප්ටරය කිසිම අවස්ථාවක නියමිත ගමන් මාර්ගය වෙනස් නොකළ බව සඳහන්.

එමෙන්ම ඊට වෙඩි ප්‍රහාරයක් හෝ මිසයිල ප්‍රහායක් හෝ එල්ල නොවුණු බවත් ඉරාන සන්නද්ධ හමුදාව තහවුරු කර තිබෙනවා.

(colombotimes.lk)