colombotimes.lk
සිංහල | English

17 September 2024


ජාතික රෝහලේ ස්කෑන් යන්ත්‍ර 04ක් ලෙඩ වෙයි



කොළඹ ජාතික රෝහලේ ස්කෑන් යන්ත්‍ර 04ක් මේ වන විට කාර්මික දෝෂවලට ලක් වී තිබෙනවා.

ඒ හේතුවෙන් පරීක්ෂණ සිදු කිරීමට දැඩි ලෙස බාධා මතු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ කාර්මික දෝෂවලට ලක්වූ යන්ත්‍ර අතර CT ස්කෑන් යන්ත්‍ර 2ක් සහ MRI ස්කෑන් යන්ත්‍ර 2ක් පවතින බවයි.  

(colombotimes.lk)