colombotimes.lk
සිංහල | English

03 May 2024

අපි බිත්තරවලින් ස්වයංපෝෂිතයි - ඩී. බී. හේරත්



ප්‍රමාණවත් පරිදි බිත්තර පවතින බැවින් ඉදිරියේදී බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් පවසනවා.

බිත්තර සහ මස්වලින් ස්වයංපෝෂිත බැවින් මෙරටට පිටරටින් බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම මීළඟ ඉලක්කය බිත්තර අපනයනය කිරීම බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)