colombotimes.lk
සිංහල | English

17 September 2024


මෝටර් රථ අනතුරකින් 07ක් රෝහලට



කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේදී අද (18) දහවල් අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ මෝටර් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් බවයි වාර්තා වන්නේ.

එම අනතුරෙන් පුද්ගලයන් 07 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

කෑගල්ල පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ සියලුදෙනාව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කළ බවයි.

මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ රියදුරුට නින්දයාමෙන් මෙම අනතුර සිදු වී තිබෙන බව පොලීසිය පවසනවා.   

(colombotimes.lk)