colombotimes.lk
සිංහල | English

17 September 2024


ඇමරිකාවේ පිපිරීමකින් පුද්ගලයින් 7කට තුවාල



ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පිපිරීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති අතර පිපිරීම සිදුවූ ගොඩනැගිල්ල ආසන්නයෙන් ජනතාව ඉවත් කිරීමට හදිසි සේවා අංශ කටයුතු කර තිබෙනවා.

පිපිරීමෙන් ගොඩනැගිල්ලේ පළමු මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)