colombotimes.lk
සිංහල | English

17 September 2024


ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලංකා රජයෙන් විශේෂ පරිත්‍යාගයක්



ගාසාහි ළමා අරමුදලට ලැබුණු තවත් ඇමරිකානු ඩොලර් පන් ලක්ෂ අනූදහසක් පලස්තීන රජය වෙත ලබාදීම ඊයේ (07) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.

ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව මෙම අරමුදල පිහිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ නිල ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්. එච්. සෙයිඩ් ඇතුලු අදාළ නිලධාරීන් වෙත ලබා දී තිබෙනවා.

(colombotimes.lk)