colombotimes.lk
සිංහල | English

17 September 2024


හෙට සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්



ඩෙංගු අවදානම් කලාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් හඳුනාගෙන තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු සඳහන් කළේ කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර  සහ මහනුවර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇති බවයි.

ඒ අනුව හෙට (02) සිට එළඹෙන 04 වනදා දක්වා දින 03ක් එම වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්හි විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 36,552ක් වන අතර එයින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.

එම සංඛ්‍යාව 15,120ක්.

(colombotimes.lk)