colombotimes.lk
සිංහල | English

17 September 2024


අද පාර්ලිමේන්තුවේදී ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්



කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ සඳහන් කළා.

මේ අතර අද පෙරවරු 9.30 සිට 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන්පසු අද පස්වරු 5.00 සිට 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.
(colombotimes.lk)