colombotimes.lk
සිංහල | English

17 September 2024


දෙවන ලෝක යුද්ධයේ සබ්මැරීනයක සුන්බුන් හමුවෙයි



දෙවන ලෝක යුද සමයේදී භාවිතා කළ එක්සත් ජනපද නාවික හමුදාවේ සබ්මැරීනයක සුන්බුන් වසර 80කට පමණ පසු දකුණු චීන මුහුදේ තිබී සොයා ගෙන තිබෙනවා.

USS Harder සබ්මැරීනය පිලිපීනයේ උතුරු දූපතක් වන Luzon වලට ඔබ්බෙන් පිහිටි මුහුදේ අඩි 3,000ක් (මීටර් 914) පහළින් හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සබ්මැරීනය දෙවන ලෝක යුද සමයේදී ජපන් යුද නැව් වැඩිම ප්‍රමාණයක් ගිල්වා දැමූ බව සඳහන්.

හාර්ඩර් සබ්මැරීනය 1944 අගෝස්තු 29 වන දින පුද්ගලයින් 79 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සමඟ පැවති සටනේදී විනාශ වී තිබෙනවා.

(colombotimes.lk)