colombotimes.lk
සිංහල | English

17 September 2024


ගිනි අවියක් හා හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 100ක් සමඟ පතරොම් 04ක් ළඟ තබා ගෙන සිටි සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇල්පිටිය පොලිස් වසමේ කහදූව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකා දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම් සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඇල්පිටිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.


(colombotimes.lk)