උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතයට බලපෑම් ඇති කරමින් උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා.
බොහෝ ප්‍රාන්තවල ඊයේ (23) දිනයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්ම වූ අතර රාජස්ථාන් ප්‍රාන්තයේ බාර්මර් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 48.8 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ එළඹෙන බදාදා දක්වා උණුසුම් කාලගුණය පැවතිය හැකි බවයි.
(colombotimes.lk)