colombotimes.lk
සිංහල | English

17 September 2024


ඉරාන ජනපතිගේ ජීවිතය ගැන අවිනිශ්චිත තත්වයක්



ජීවිත ආරක්ෂක කණ්ඩායම් විසින් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සමඟ අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය වැටුණු ස්ථානය සොයාගෙන ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කරනවා.

මේ අතර ඉරාන රතු අඩසඳ සමාජයේ ප්‍රධානියා සඳහන් කර ඇත්තේ වාතාවරණය 'යහපත් නොවන' බවයි.

'ජීවතුන් අතර කිසිවෙකු හෝ සිටින බවට සේයාවක් නොමැත'යනුවෙන් ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කර තිබෙනවා.  

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇති බවයි.
(colombotimes.lk)