colombotimes.lk
සිංහල | English

17 September 2024


මැතිවරණ නීති උල්ලංඝණය කරන අයට වැඩ වරදියි



ඕනෑම ජනාධිපති අපේක්ෂකයෙක් වුවද මැතිවරණ නීති රීති සහ පවතින නිර්ණායක සම්බන්ධයෙන් සදාචාර සම්පන්න විය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන පුද්ගලයන් හට වසර තුනක සිර දඬුවමක් හිමි වන බවයි.

එමෙන්ම යම් අපේක්ෂකයෙක් මැතිවරණ නීති උල්ලංඝණය කර ඇත්නම් ජනාධිපතිවරණයෙන් පසුව වුවත් අධිකරණයේදී ඔවුන්ගේ තනතුරු අභියෝගයට ලක්විය හැකි බවද ඔහු ප්‍රකාශ කළා.

 
(colombotimes.lk)