colombotimes.lk
සිංහල | English

17 September 2024


කොදෙව් කාන්තාවන්ගේ තීරණයට වැඩ වරදියි



ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ කොදෙව් කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට කොදෙව් කාන්තා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

කෙසේ වෙතත් පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 31ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 92ක් පමණයි.

පන්දු යැවීමේදී කවිෂා දිල්හාරි කඩුලු 4ක් ලබා ගත්තා.

ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 93ක පහසු ඉලක්කයක් හිමි වුණා.

(colombotimes.lk)