colombotimes.lk
සිංහල | English

03 May 2024

පැරිස් ඔලිම්පික් යන ළාබාලම බැට්මින්ටන් ක්‍රීඩකයා ලංකාවෙන්



2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි බැඩ්මින්ටන් කේවල ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගත් ලොව ළාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා බවට පත් වීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක 20 හැවිරිදි විරේන් නෙත්තසිංහ සමත් වුණා.

ඔහු ඔලිම්පික් නියෝජනය සඳහා වූ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 24,030ක් රැස් කර ගෙන සිටිනවා.

එමෙන්ම ඔලිම්පික් බැඩ්මින්ටන් තරග සඳහා සුදුසුකම් ලබා ගත් ක්‍රීඩකයින් 35 දෙනා අතර ඔහු පසු වන්නේ 32 වන ස්ථානයේයි.

ඔලිම්පික් නීති සහ රෙගුලාසිවලට අනුව එක් ඉසව්වක් නියෝජනය කිරීම සඳහා එක් රටකින් ක්‍රීඩකයින් දෙදෙනෙකුට පමණක් අවස්ථාව හිමි වීමත් සමඟ විරේන් හට මෙම අවස්ථාව හිමි වුණා.

(colombotimes.lk)