colombotimes.lk
සිංහල | English

18 May 2024

2024 IPL තරගාවලිය අද සිට



2024 IPL ක්‍රිකට් තරගාවලිය අද (22) සිට ආරම්භ වනවා.

සමාරම්භක තරගයේදී Chennai Super Kings සහ Royal Challengers Bengaluru කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

මේ අතර Chennai Super Kings කණ්ඩායමේ නායකත්වයෙන් මහේන්ද්‍ර සිං දෝනි ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව චෙන්නායි කණ්ඩායම මෙවර මෙහෙයවනු ලබන්නේ රුතුරාජ් ගයික්වාඩ් විසින්.

Chennai Super Kings - Royal Challengers Bengaluru තරගය අද මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.

 
(colombotimes.lk)