02 July 2025

logo

PHOTOS | AI අලුත්ම රැල්ල මෙන්න



AI තාක්ෂනය යනු මේ වන විට ලෝකයේ බොහෝ ක්ෂේත්‍ර ආක්‍රමණය කර ඇති අති නවීන තාක්ෂණයක් වන අතර AI Avatar යනු මේ දිනවල පවතින ඒ හා සම්බන්ධ නව trend එකක් වනවා.

AI avatar යනු කෘතිම බුද්ධි ශිල්පීය ක්‍රම භාවිතයෙන් නිර්මාණය කර පාලනය කරන පුද්ගලයෙකුගේ සංඛ්‍යාංක නිරූපණයක් හෝ ප්‍රතිමූර්තියක් වෙයි.

එය මිනිස් හැසිරීම්, හැඟීම් සහ අන්තර්ක්‍රියා අනුකරණය කළ හැකි අන්තර්ක්‍රියාකාරී අතත්‍ය චරිතයකි.

මේවා කෘතිම බුද්ධිය මඟින් නිර්මාණය කරන ලද ඡායාරූප වන අතර එහි යන්ත්‍ර ඉගෙනුම් ඇල්ගොරිදම මඟින් අප උඩුගත කරන පින්තූර මත පදනම්ව ඩිජිටල් පෝට්රේට් ජනනය කිරීම මෙහිදී සිදු කරනු ලබනවා.
(colombotimes.lk)