colombotimes.lk
සිංහල | English

18 May 2024

අද සිට ධීවර සංස්ථාවේ ගෙවීම් සඳහා QR ක්‍රමවේදයක්



ලංකා ධීවර සංස්ථාව ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවර ලෙස පාරිභෝගික ගෙවීම් සඳහා QR කේත ක්‍රමය හඳුන්වා දීම අද (13) සිදුකළ බව ධීවර අමාත්‍යංශය පවසනවා.

මෙම වැඩසටහන ගම්පහ ධීවර සංස්ථා අලෙවිසැල් පරිශ්‍රයේදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බව සඳහන්.

ධීවර අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, දිවයින පුරා ඇති 100කට අධික ලංකා ධීවර සංස්ථා අලෙවිසැල් ජාලයේ ගෙවීම් අද සිට QR කේත ක්‍රම ඔස්සේ සිදුකළ හැකි බවයි.
(colombotimes.lk)