colombotimes.lk
සිංහල | English

18 May 2024

සා/පෙළ සහ ශිෂ්‍යත්වය පැවැත්වීමේ අවශ්‍යතාව ගැන තීරණයක්



අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකවම ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනධිපතිවරයා එහිදී සඳහන් කළේ, එය වෙනස්කිරීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු අතර අතිශය බරපතළ තත්ත්වයක හැර එය වෙනස් කිරීමට නොහැකි වන අන්දමින් නීති සකස් කරන බවයි.

එමෙන්ම අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ අවශ්‍යතාව පිළිබඳ කඩිනමින් සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බව ද ඔහු එහිදී කියා සිටියා.
(colombotimes.lk)