colombotimes.lk
සිංහල | English

18 May 2024

වවුචර්පත් ලැබුණු ගොවීන්ට පණිවිඩයක්



යූරියා පොහොර මිල දී ගැනීම සඳහා ලබා දී ඇති වවුචර්පත්වලට අදාළව පොළොන්නරුවේ ගොවීන්ට අද (13) සිට පොහොර මිල දී ගතහැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, පොළොන්නරුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත මෙම පොහොර ලබාදීමට කටයුතු යොදා ඇති බවයි.

වී වගාව සඳහා පොහොර මිල දී ගැනීමට නිකුත් කරන ලද වවුචර්පත්වලට මෙතෙක් යූරියා පොහොර මිල දී ගැනීමට නොහැකි වූ බව පොළොන්නරුව ගොවි සංවිධාන නියෝජිතයින් පසුගිය දා චෝදනා කර තිබුණා.
(colombotimes.lk)