colombotimes.lk
සිංහල | English

01 May 2024

VIDEO | කෙසෙල්ගමුඔය ඉවුරු දෙපස රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක්



කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඉවුරු දෙපස රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක් අද (18) උදෑසන දියත් කෙරුණා.

ඒ, සිංහල හින්දු අලුත් අවුරුද්දේ අවසන් චාරිත්‍රය වන පැළ සිටුවීමේ නැකත වෙනුවෙන්.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව සහ බගවන්තලාව මැණික් ව්‍යාපාරිකයන්ගේ සංගමය එක්ව මෙය ක්‍රියාත්මක කළා.

මෙහිදී ඔයේ ඉවුරු දෙපස ඉවුරු ඛාදනය වළක්වා ගැනීම සඳහා උණ පැළ සහ පළතුරු පැළ රෝපණය සිදු වූ බව Colombo Times අප වාර්තාකරු සඳහන් කළා.
(colombotimes.lk)