colombotimes.lk
සිංහල | English

11 May 2024

ලොව වයස්ගතම රූ රැජින ආජන්ටිනාවෙන්



ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර පැවති විශ්ව රූ රැජින තරගයෙන් 60 හැවිරිදි කාන්තාවක් ජයගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ආජන්ටිනාවේ නීතිඥවරියක සහ මාධ්‍යවේදිනියක වන ඇය විශ්ව රූ රැජින තරගයක කිරුළ දිනූ වයස්ගතම කාන්තාව ලෙස ඉතිහාසයට එක් වී තිබෙනවා.

ඒ අනුව ඇය ලෝක විවාහක රූ රැජින තරගයට ආජන්ටිනාව නියෝජනය කරමින් සුදුසුකම් ලබාගෙන තිබෙන අතර එම තරගයට සහභාගී වන වයස්ගතම කාන්තාව ලෙසත් ඇය ඉතිහාසයට එක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)