colombotimes.lk
සිංහල | English

21 May 2024

මුහුද මැදදී හසු වූ හෙරොයින්



ඉන්දීය වෙරළආරක්ෂක බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව කළ මෙහෙයුමකදී පාකිස්ථානයේ සිට යාත්‍රාවක් ඔස්සේ ගෙන එමින් තිබූ ඉන්දීය රුපියල් කෝටි 600ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 86ක් සමඟ සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම මෙරට මුදලින් රුපියල් කෝටි දෙදහසකට අධික බවයි වාර්තා වන්නේ.

මෙහිදී ඉන්දීය ආරක්ෂක අංශ කළ වෙඩි තැබීමකදී යාත්‍රාවේ සිටි එක් අයෙකු තුවාල ලබා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පාකිස්ථානයේ බලොචිස්ථාන් සිට අල් රසා නමැති යාත්‍රාවකින් මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් තිබූ බවයි. 

එම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ බව අත්අඩංගුවට පත්වූවන් පැවසු බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)