colombotimes.lk
සිංහල | English

17 May 2024

දෙවන වරට අස්වැසුම අයදුම්පත් භාරගැනීම අද සිට



අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මාසයක කාලයක් එම අයදුම්පත්‍ර භාරගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

දෙවන අදියර යටතේ පවුල් ලක්ෂ 04 කට පමණ අස්වැසුම ලබාදීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
(colombotimes.lk)