colombotimes.lk
සිංහල | English

17 September 2024


PHOTOS | ස්ලෝවැකියානු අගමැතිට වෙඩි ප්‍රහාරයක්



ස්ලෝවැකියානු අගමැති රොබට් ෆිකෝට බ්‍රැටිස්ලාවාහි ඊසාන දෙසින් පිහිටි කුඩා නගරයකදී වෙඩි තබා තිබෙනවා.

වෙඩි තැබීම සිදු වී ඇත්තේ බ්‍රැටිස්ලාවා අගනුවර සිට කිලෝමීටර් 180ක් පමණ දුරින් පිහිටි හැන්ඩ්ලෝවාහිදී අගමැතිවරයා සංස්කෘතික ප්‍රජා මධ්‍යස්ථානයක් ඉදිරිපිට මිනිසුන්ට ආචාර කරමින් සිටියදීයි.

අගමැතිවරයාට පැය 3කට අධික කාලයක් ශල්‍යකර්මයක් ද සිදු කර ඇති බව එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් ප්‍රකාශ කළා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ අගමැතිවරයාගේ තත්වය බරපතල බවයි.  

මෙම වෙඩි තැබීම 'ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රහාරයක්' ලෙස ජනාධිපතිවරයා ඇතුළු ස්ලෝවැකියානු දේශපාලඥයින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)

‘Monstrous crime’: World reacts to attack on Slovakia’s prime minister

Slovakian Prime Minister Robert Fico shot
Slovakian prime minister in life-threatening condition after assassination  attempt - ABC News
Slovakia