colombotimes.lk
සිංහල | English

18 October 2024


වැඩබලන පොලිස්පතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය



වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ නව ජනාධිපතිවරයෙක් පත් වීමෙන් පසු පළමු වරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (08) රැස් වූ අවස්ථාවේදීයි.

වැඩබලන පොලිස්පතිවරයෙක් දින 14කට වඩා වැඩි කාලයක් එම ධූරයේ කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගත යුතු වනවා.

(colombotimes.lk)