colombotimes.lk
සිංහල | English

18 May 2024

අදානි සමූහය මෙරට වැඩ අරඹයි



ඉදිකිරීමට යෝජිත සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 

මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය මෙගාවොට් 500ක ධාරිතාවයකින් යුක්තයි. 
 
අමාත්‍ය කංචන විජේසේකර සහ ඉන්දියාවේ අදානි සමූහයේ කළමණාකරණ අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් සර්ධානා ඇතුලු පිරිසක් මේ සඳහා සහභාගී වී තිබෙනවා. 
 
ඊයේ (12) පැවති මෙම හමුවේ දී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන ගැටළු, අභියෝග සහ ඉදිකිරීම් කාල රාමුව පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්. 
 
එහිදී අදාළ ව්‍යාපෘතිය ලබන වසරේ දෙසැම්බර් මස වන විට අවසන් කිරීම තම අපේක්ෂාව බව අදානි සමූහය ප්‍රකාශ කර තිබෙනවා.
(colombotimes.lk)