colombotimes.lk
සිංහල | English

17 May 2024

මැතිව්ස් නිසා බංග්ලාදේශ පුහුණුකරු කණ්ඩායම අත්හරියි?



බංග්ලාදේශ කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු Allan Donald විසින් ඇන්ජලෝ මැතිව්ස්ගේ 'ටයිම් අවුට්' දැවී යාම සමබන්ධයෙන් විවේචනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ එම සිදුවීම දැකීමෙන් තමන් කලකිරීමට පත්වූ බවයි.

මෙයට පිළිතුරු වශයෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, ඔහු විසින් කණ්ඩායමේ තීරණයක් මෙසේ ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සදාචාර සම්පන්න නොවන බවයි.

ඔහුගේ අදහස ක්‍රීඩකයා සමඟ පැවසීමට තිබූ බවද එම ආයතනය සඳහන් කළා.

මෙම සිදුවීමෙන් අනතුරුව Allan Donald තවදුරටත් පුහුණුකරු ලෙස කටයුතු කරනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මෙතෙක් කිසිඳු නිවේදනයක් නිකුත් කර නැහැ.

නමුත් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව Allan Donald සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අතර ඇති කොන්ත්‍රාත්තුව අවසන් වන බව සඳහන්.

ඒ අනුව ඔහු නැවත සිය කොන්ත්‍රාත්තුව අලුත් නොකරන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)