colombotimes.lk
සිංහල | English

04 May 2024

ඇමරිකාව හා චීනය අභ්‍යවකාශය බෙදා ගැනීමේ සටනක



යම් හේතුවකින් චීනය ඇමරිකාවට පෙර සඳ මත මිනිස් ජනාවාස ආරම්භ කළහොත් සඳ තමන්ට අයිති භූමියක් බව චීනය ප්‍රකාශ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවට නාසා ආයතනයේ ප්‍රධානී බිල් නෙල්සන් අනතුරු අඟවා තිබෙනවා.

ඒ හේතුවෙන් සඳ මත පළමුව ගොඩ බැස එහි පර්යේෂණ සාමකාමී අයුරින් කරගැනීම සඳහා විශාල ප්‍රයත්නයක් දැරීමට සිදු වන බවයි ඔහු සඳහන් කළේ.

ඔහු මේ බව පැවසුවේ, නාසා ආයතනය සඳහා මූල්‍ය වියදම් අනුමත කර ගැනීමේ කමිටුව හමුවේ අදහස් දක්වමින්.

එමෙන්ම චීනය රහසිගතව යුධ ක්‍රියාකාරකම් සඳහා අභ්‍යවකාශය භාවිතා කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
(colombotimes.lk)