colombotimes.lk
සිංහල | English

18 October 2024


නව ජනපතිට ඇමරිකානු ජනපති සුබ පතමින් කියූ කතාව



ඇමරිකානු ජනාධිපති Joe Biden වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක හට X පණිවුඩයක් නිකුත් කරමින් සුබ පැතුම් පළ කර තිබෙනවා.

ඇමරිකානු ජනාධිපතිවරයා එම X ගිණුමේ සටහන් කර තිබුණේ ශ්‍රී ලාංකික ජනතාව ඔවුන්ගේ ජනාධිපතිවරයා තෝරා ගත්තේ නිදහස්, සාධාරණ සහ සාමකාමී මැතිවරණයකින් බවයි.

ඒ පිළිබඳ තමන් සතුටට පත්වන බවද ඇමරිකානු ජනාධිපතිවරයා එහිදී සටහන් කර තිබුණා.

ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය ඉදිරියට ගෙන යාමට තමා වත්මන් ජනපතිවරයා සමඟ සුහදව කටයුතු කිරිමට  සුදානම් බව ද ඇමරිකානු ජනාධිපතිවරයා සිය X ගිණුමේ සටහන් කර තිබෙනවා.

(colombotimes.lk)