colombotimes.lk
සිංහල | English

18 May 2024

අනුරාධපුර වකුගඩු ඒකකයේ ශල්‍යාගාර වැසීයාමේ අවදානමක්



වකුගඩු රෝගයෙන් දැඩිව පීඩා විදින රජරට දිස්ත්‍රික්ක කිහිපයක සිය දහස් ගණනක් ප්‍රතිකාර ලබන අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ශල්‍යාගාර සහ වාට්ටු වැසීයාමේ අවදානමක පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව වකුගඩු ඒකකයට අයත් ශල්‍යාගාරයේ සහ වාට්ටුවේ වායුසමන යන්ත්‍ර ක්‍රියා විරහිත වීම හේතුවෙන් මේ වන විට ශල්‍යකර්ම කිරීමට දැඩි අපහසුතාවයක් පවතින බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
(colombotimes.lk)