colombotimes.lk
සිංහල | English

23 October 2024


ආරුගම්බේ සම්බන්ධව තවත් රටවල් රැසකින් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරයි



ආරුගම්බේ ප්‍රදේශය සඳහා ඇමරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ අනතුරු ඇ‍ඟවීමේ නිවේදනය පදනම් කර ගනිමින් තවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව සඳහා සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය, නවසීලන්තය, රුසියාව, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව එම රටවල් අතරට අයත්.

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වසනීය තොරතුරු ලැබී තිබුණා.

ඒ අනුව එම ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙස මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය අද (23) සිය පුරවැසියන්ට දැනුම්දීමක් සිදු කළා.  

(colombotimes.lk)